Beauty
අව්වට කළු උනු මුහුණ හා සම කලින් තිබුනා වගේ පැහැපත් කර දෙන ස්වභාවික සත්කාරයක්.
මේ දවස් වල සුර්යයාගේ අව්රශ්මිය හුගාක් සැර වැඩියි. ඒ නිසාම දහවල් කාලයේ අව්වේ පොඞ්ඩක් එහෙට මෙහෙට ගියත් අපේ සම ඉක්මනින් කළු වෙන්න බලනවා. මෙහෙම උනාම ඉතින් ගෑණු ලමයින්ට නම්? ට නින්ද යන්නෙත් නෑ. මොකද ඒ ගොල්ලෝ ගොඩක් මුහුණ හා සම පැහැපත්ව තියා ගන්න වෙහෙසෙන නිසා. බය වෙන්න එපා. අද ඔබට කියලා දෙනවා අව්වට පිලිස්සී කළු උනු මුහුණ හා සම කලින් තිබුනා වගේ පැහැපත් කර දෙන රුපලාවන්‍ය සත්කාරයක්. හැබැයි මේ වැඬේ ඉක්මනින් කර ගන්න තරමට ඔබට ලබා ගත හැකි ප්‍රතිපල වැඩියි. ඒ කියන්නේ ඔබ අද දහවල් කාලයේ අව්වේ ගිහිල්ලා කළු උනා නම් මේ සත්කාරය අද ?ම කර ගන්න ඕනේ. එය මත තමයි මෙහි සාර්ථකත්වය රදා පවතින්නේ.
තක්කාලි , දෙහි හා යෝගට් ෆෙස් පැක් එක
තක්කාලි ගෙඩියක මිරිකා ගත් යුෂ මේස හැඳි 2
දෙහි යුෂ මේස හැඳි 1
යෝගර්ට් මේස හැඳි 1
ඉහත සියලූ ද්‍රව්‍ය ආලේපනයක් බවට පත් වන තුරු හොදින් මිශ්‍ර කර ගන්න. මෙම මිශ්‍රනය මුහුණේ ආලේප කර විනාඩි 25ක් තිබෙන්න හරින්න. අවසානයේ මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
මී කිරි හා කඩල පිටි ෆෙස් පැක් එක
මී කිරි හා කඩල පිටි මේස හැඳි දෙක බැගින් මිශ්‍ර කර පෙර පරිදිම මුහුණේ ආලේප කර විනාඩි 25ක් තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
දෙහි හා කෝමාරිකා ෆෙස් පැක් එක
දෙහි කියන්නේ අපේ සම යට තැන්පත් වෙලා තිබෙන කුණු විෂබීජ ඉවත් කරන හොද ඊකැ්ජයසබට ගුණයක් තියෙන ඖෂධිය ඔසුවක්. ඒ වගේම දෙහි තුල තිබෙන විටමින් ක් පෝෂණ සංගටකය මගින් මලානික අවපැහැ ගැන්වී ඇති සම පැහැපත් කරනවා. ඒ වගේම කෝමාරිකා වලට සම සිසිල් කර ඒ මත තැන්පත් වූ බැක්ටීරියා , දිලිර වැනි විෂබීජ ඉවත් කිරීමේ හැකියාව තිබෙනවා. කෝමාරිකා කැබැල්ලක මදය සුරා දෙහි යුෂ සමග මිශ්‍ර කර මුහුණේ ආලේප කිරීමෙන් සාර්ථකව අව් කළු ඉවත් කර ගැනීමේ හැකියාව තිබෙනවා
කහ හා දෙහි යුෂ
කස්තුරි කහ හෝ සාමාන්‍ය කහ මේස හැඳි එකක් සමග දෙහි යුෂ මේස හැඳි 4ක් කලවම් කර සම මත ආලේප කර ගත හැකි මට්ටමේ මිශ්‍රනයක් සකසා ගන්න. අව්වට පිළිස්සුනු ප්‍රදේශ වල ආලේප කර විනාඩි 30ක් හෝ වියලෙන තුරු තබා සෝදා හරින්න
පොල් වතුරෙන් මුහුණ සෝදන්න
පොල් වතුර කියන්නේ රසවත් පානයක් වගේම හිරු රශ්මිය නිසා හානි වූ සම පෝෂණය කර කලින් තිබු තත්වයට ගෙන ඒමට හැකියාව තියෙන දෙයක්. ඒ නිසා බිදලා විසි කරන පොල් ගෙඩියේ වතුර ටික විසි කරන්නේ නැතුව ප්‍රයොජනයට ගන්න දෙපාරක් හිතන්න එපා
අව්වට කළු උනු සමේ පැහැපත් කම පෙර පරිදිම ලබා දෙන්න මේ බලවත් රුපලාවන්‍ය සත්කාර වලට පුළුවන්. තක්කාලි ආලේප කිරීම නිසා සම මත යම් කැසීමක් ඇතිවුවත් ඒ පිළිබඳව බිය වීමට අවශ්‍ය වන්නේ නෑ. එහෙනම් උත්සාහ කරලා බලන්නකෝ. ඔබට ජය
curtesy :
ceylonweek.com
(under the courtesy of goodhousekeeping.lk web)